Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත්  කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.

‘මනූසත් දෙරණ’ වැඩසටහන සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව යුද හමුදාව මෙම වැඩසටහන දියත් කර තිබේ.

මරිච්චකඩ්ඩි 46 වන කිලෝමීටර් කණුව අසළදී  අද (18) දින පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහන් දියත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක දිගින් යුතු දක්‍ෂිණ අධිවේගි මාර්ගය දෙපස පැළ රෝපණය කරමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ පළමු අධියර 2018 අගෝස්තු මස 23 වන දින ක්‍රියාවට නංවන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.