යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල්
- 2017-07-25 09:35:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා පත්කර තිබේ. සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙසද ඔහු කටයුතු කරයි.
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා 1981 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1984 වර්ෂයේදී දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට එක්විය.
ඔහු වෘත්තීමය හමුදා නිලධාරියෙකු ලෙස වසර 35 කට අධික කාලයක් සේවය කරමින් සිටියි., දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා,ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවල්හි උසස් පාඨමාලාවන්ද ඒ අතර වේ.
ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක හා ක්‍රමෝපායිකඅධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියද, චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක හා ක්‍රමෝපායික අධ්‍යයන පාඨමාලාවද හදාරා ඇත.
ඔහු සිය සේවා කාලය තුළදී යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, පාබල අධ්‍යක්ෂ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුද සේවා ලේකම් යන තනතුරු ඇතුළු මාණ්ඩලික තනතුරු ගණනාවක් හොබවා ඇත.එමෙන්ම 2004 වර්ෂයේදී හයිටි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකාවෙන් යවන ලද ප්‍රථම බළඇණියේ අණදෙන නිලධාරියා ලෙසද අමල් කරුණාසේකර මහතා කටයුතු කර ඇත.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී උපදේශකයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාරණ වික්‍රම පදක්කම (RWP), රණ ශූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණයෙන් (VSV), උත්තම සේවා පදක්කමෙන්ම (USP) ද පිදුම් ලබා ඇත.මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments