යොවුන් පුරය නිමවෙයි
- 2017-04-02 13:05:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ පැවැති "ජාතික යොවුන් පුරය 2017" උළෙල ඊයේ (01දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් විය.
මෙහිදී යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනපතිවරයා තරුණ කඳවුරු ද නිරික්ෂණය කළේය. එසේම කඳවුරට එක්ව සිටි තරුණ තරුණියන් සමග සුහද කතා බහකද ජනපතිවරයා නිරත විය.
යොවුන් පුරයේ නිර්මාණාත්මක දිස්ති්‍රක්කයවන මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් සහ හොඳම දිස්ත්‍රික්කය වූ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සජිත් ප්‍රේමදාස, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments