යෝජිත සාගර හා වන අභය භූමි
- 2017-01-05 07:55:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කරගැනීමටත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ත්ව වාසස්ථාන විනාශවීම අවම කරගැනීමටත් ප්‍රමුඛතාව දෙමින් ඒ සඳහා වැඩසටහනක් දියත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි කහගල්ල - පල්ලේකැලේ අභය භූමියේ කලා වැවට හා බළලු වැවට අයත් වනාන්තර ප්‍රදේශ, 'කලාවැව ජාතික උද්‍යානය' ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
තවද එම අභය භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉතිරි වනාන්තර ප්‍රදේශ 'කහල්ල පල්ලෙකැලේ ජාතික උද්‍යානය' වශයෙන් නම් කිරීමටද මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ අතර ත්‍රිකුණාමලය පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සාගර කලාපය ආවරණය වන පරිදි 'කායන්කර්ණි සමුද්‍රීය ස්වභාව රක්ෂිතය' ප්‍රකාශයට පත් කිරීමටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටුඅත්තාවල වැව ආශ්‍රිත වන භූමි ප්‍රදේශය, 'කොටුඅත්තාවල අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතය.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අකුරල තෙත් බිම 'අකුරල වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොඩිගහකන්ද වන පෙත 'කොඩිගහකන්ද වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ගිණිනිකොන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා රාවණා හා මහා රාවණා ප්‍රදීපාගාර පිහිටි කොරල්පර ඇතුළත් සාගර කලාපය, 'කුඩා රාවණා මහා රාවණා සමුද්‍රීය අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාදු ගඟ අභය භූමියේ මායිම් සංශෝධනය කිරීමටත් නියමිතය.
මේ සඳහා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩල අනුමත කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments