රජයේ රෝහල් රෝගීන්ට පෞද්ගලික රුධිර පරීක්‍ෂණ ජන: 04 දා සිට තහනම්
- 2016-12-16 14:56:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන්ගේ රුධිර පරීක්‍ෂණ කටයුතු පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීම එළඹෙන ජනවාරි 04 වැනිදා සිට තහනම් කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
හෙතෙම සඳහන් කර සිටින්නේ, සියලු රෝහල් සඳහා අවශ්‍ය රුධිර පරීක්‍ෂණ යන්ත්‍ර ඉදිරි සති දෙකක කාලය තුළ ලබා දී අවසන් කරන බවයි.
ඒ අනුව, යම් රෝගියෙකු රුධිර පරීක්‍ෂණ කටයුතු සඳහා පෞද්ගලික අංශය වෙත යොමු කළහොත් රෝහල් අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති, රෝහල් කමිටු දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ රැස්වීම් වාර 03කට සහභාගි නොවන රෝහල් කමිටු සාමාජිකයන් වහාම ඉවත් කරන ලෙසයි.
පසුව,නව නිලධාරීන් පත්කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකරන ලෙසද හෙතෙම රෝහල් අධ්‍යක්‍ෂවරුන්ගෙන් ඉල්ලා ඇත.
එසේම, ඇතැම් රෝහල්වල අධ්‍යක්‍ෂවරුන්ට රෝහල් භූමියේ සිටින සුනඛයන් පාලනය කරගැනීමට හෝ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා, රෝහල්වල සුළු සංවර්ධන කටයුතු සඳහා රජයෙන් මුදල් බලාපොරොත්තු නොවන ලෙසද පවසා ඇත.
හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දන්දීමට කැමති ව්‍යාපාරිකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් රෝහල් කමිටු සඳහා පත්කරගන්නා ලෙසයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments