Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටක් වටින පොතක්^ නමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරම්භ කළ දීප ව්‍යාප්ත ළමා පොත් 10,000ක් ලිවීමේ වැඩසටහනේ ග්‍රන්ථ භාරදීම පාසල් ආරම්භ කිරීමෙන් පසු සිදුකිරීමට අවස්ථාව ලබා දීමටකටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

නිර්මාණ මැයි 28 වනදාට පෙර නිම කර, පාසල් කමිටුවක් මගින් තෝරා ජූනි 10වනදාට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයටත්, ජූනි 15වනදාට පෙර පළාත් අධ්‍යාපන කාර්යාලයටත්, ජූනි මස 25වනදාට පෙර අධ්‍යාපන අමාත්‍යංශයටත් යොමු කළ යුතු බව දැනුම් දුන්නද තවමත් පාසල් ආරම්භ කර නොමැති නිසා, එම නිර්මාණ පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිදු කිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු සිසුන්ට විවෘත මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය එක්ව සංවිධානය කරයි. මෙහිදී අමාත්‍යාංශය විසින් තෝරාගන්නා හොඳම පොත් 10,000 ක් සඳහා සහතික පත් ලබාදීමටත්  නියමිතය. තෝරාගන්නා පොත් 100ක් පමණ මුද්‍රණයෙන් නිකුත් කිරීමටත් සෙසු පොත් 9900 ඊ මුද්‍රණ ලෙස එළිදැක්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තීබේ. (wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.