රටේ ඉදිරි ගමන සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකිකයන් රැසක් දැනුමෙන් හා විනයෙන් ඉහළ තලයකට ග
- 2017-12-22 19:17:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ ඉදිරි ගමන සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකිකයන් රැසක් පාසල් සමයේදී ජාතික ශිෂ්‍යභට බළකාය නියෝජනය කර තිබෙනවා. ඔවුන් දැනුමෙන් හා විනයෙන් ඉහළ තලයකට ගෙන ඒමට ජාතික ශිෂ්‍යභට බළකාය සුවිශේෂී මඟපෙන්වීමන් ලබාදුන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වේයන්ගොඩ සියනෑ ජාතික විද්‍යාපීඨයේ තෙදිනක් පුරා පැවති කණිෂ්ඨ ශිෂ්‍යභට බළකායේ පළමු පළාත් කඳවුරේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් යලි 2016 වසරේ ඇරඹූ කණිෂ්ඨ ශිෂ්‍යභට බළකාය නිර්මාණශීලී වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට ගෙනයාම පිණිස අප කැපවී සිටිනවා. එහි එක් පියවරක් තමයි මෙම පුහුණු කඳවුර. පුහුණුව ලැබූ කණිෂ්ඨ ශිෂ්‍යභට බළකායෙහි බාලක බාලිකාවන්ට හොඳ අත්දැකීම් වගේම විනය ලබාදීමට තමයි විෂය භාර අමාත්‍යවරයා ලෙස පළමු වතාවට මම මෙම පුහුණු කඳවුරු සංකල්පය හඳුන්වා දුන්නේ. හැමෝටම රන්ටැඹේ පුහුණු කඳවුරුවලට සහභාගවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව නොලැබෙන දරුවන්ට අවස්ථාවක් ලබාදීම මෙම පුහුණු කඳවුරු සංකල්පයේ අරමුණයි.
වසර 35කට පසුව ආරම්භ කෙරුණු කණිෂ්ඨ ශිෂ්‍යභට ව්‍යාපාරය අද රටපුරා පාසල් විශාල ප්‍රමාණයක ක්‍රියාත්මක වෙමින් සීඝ්‍ර වර්ධනයක් පෙන්වීම සතුටට කරුණක්. ඒ පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ ඇතුළු සියළු නිළධාරීන්ට විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා. අපේ බලාපොරොත්තුව මෙවන් පළාත් පුහුණු කඳවුරු රටේ අනෙකුත් පළාත්වලද ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්නටයි. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයත් කැපවී සිටිනවා.
ජාතික හා ජාත්‍යන්තර පුහුණු අවස්ථාවට පාඨමාළාවන් නවීකරණයට ලක්කරමින් ජාතික අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් මේ ජාතික ව්‍යාපාරය අපි ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. මෙය රටේ අනාගතයට කරන ඉතා වැදගත් ආයෝජනයක් ලෙස මට හඳුන්වන්නට පුළුවන්. රටේ අනාගතය භාරගැනීමට සිටින දැරුවන් තුළ නායකත්වය හා විනය වර්ධනය කරන ජාතික ශිෂ්‍යභට බළකාය රට පුරාම පාසල් වල ව්‍යාප්ත කිරීම අපේ ඉලක්කය බවට පත්කරනවා.
Reply To:
Name - Reply Comment
0 Comments