Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්‍රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

රථවාහන අක්‍රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීම සඳහාත් මෙලෙස නව තාක්ෂණය සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ චිපය සහිත ස්ටිකරය රථවාහනවල ඉදිරිපස වීදුරුවේත්, යතුරුපැදිවල හා ට්‍රැක්ටර් රථවල ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පුවේත් සවිකිරීමට නියමිතය.

විදුලි ලාම්පුවේ පවතින උෂ්ණත්වයට ගැළපෙන ලෙස හා විදුලි ධාරාවට හානි නොවන ආකාරයට මෙම ස්ටිකරය සකස් කර තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුලින්ම මෙම ක්‍රමය අලුතින් ලියාපදිංචි වන සියලුම වාහනවලට හඳුන්වාදීමට නියමිත අතර, ඉන්පසුව දැනට භාවිත කරන වාහනවලට හඳුන්වාදීමට නියමිතය.

මෙම චිපයේ ඇති දත්ත හඳුනාගැනීම සඳහා පොලීසියට උපකරණ ලබාදීමටද සැලසුම් කර තිබේ.

මෙම ස්ටිකරය සවිකර තිබෙන වාහනවල, යතුරුපැදිවල සහ ට්‍රැක්ටර් රථවල අංක තහඩු වෙනස් කර තිබේද යන්න පවා සොයාගැනීමට හැකියාව තිබෙන අතර, ස්ටිකරය ගැලවුවහොත් යළි එය නැවත ඇලවීමට නොහැකි ආකාරයට සකස් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.