රන්සිවි ගෙය අලුත්වැඩියාවට ජනපතිගෙන් ලක්ෂ 450ක්
- 2017-08-22 15:31:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දළදා මාලිගාවේ රන්සිවි ගෙය ප්‍රතිසංසරකරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 450ක මුදලක් ප්‍රධානය කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශ්‍ය අද (22දා) පැවැසීය.
රන්සිවි ගෙය අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති අතර ඒ හේතුවෙන් මෙම ප්‍රදානය සිදුකර තිබේ. හිටපු ජනපති රණිසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම රන්සිවි ගෙය මුලින්ම නිර්මාණය කළේය.
මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිඛෙන අතර අදාළ චෙක්පත අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනට ද හානි සිදු වූ අතර 2001 වසරේදී එය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සදහා මෙම මුදල වැය කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments