Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2017 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වසර දෙකක් තුළ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් බල ගැන්වීමේ ජාතක වැඩසටහනේ මුල් පියවර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) මුදල් අමාත්‍යාංශයේ දී ආරම්භ විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  තිරසර යුගයක තෙවසරක ඇරැඹුම වැඩසටහන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සවිමත් ආර්ථිකයක් තුළින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංකල්පයට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.  මෙහි දී මුදල් අමාත්‍යාංශයේ සවි කළ නව සූර්ය බලශක්ති පද්ධතිය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් විවෘත විය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී සඳහන් කළේ පරිසරය සුරකිමින් නව බල ශක්ති ප්‍රභවයන්ට පරිවර්තන වීම වේගවත් සංවර්ධන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් බවයි. එසේ ම ණය බරතාව කළමනාකරණය කිරීම සඳහා වියදම් කළමනාකරණය කිරීමේ රජයේ වැඩසටහනට මෙමගින් මහත් පිටිවහලක් ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව නව සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීමෙන් මුදල් අමාත්‍යාංශයේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ අඩු කර ගත හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවැසීය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.