Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ  ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින්  ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු  විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ,  ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම  සිදුවිය.

අභ්‍යාවකාශ පර්යේෂණ  ක්ෂේත්‍රයෙන් රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

ඒ අනුව, නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී එළඹී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමට (Cooperate Research Agreement) අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා එක් පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමි විය. ඊට අමතරව මුදල් ගෙවන සාමාජිකයෙකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු  තරිදු දයාරත්න මහතාවත් රජය විසින් මේ කාර්යයට ඉදිරිපත් කරන ලද අතර, මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් වැය කර තිබේ.

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය මගින් ලෝකයේ චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් යොමු නොවූ රටවල් සඳහා අවස්ථාව ලබා දෙන BIRDS නමින් ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි.  ඒ යටතේ BIRDS – 3 නම් වූ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව, නේපාලය සහ ජපානය යන රටවල් වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම BIRDS - 3 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද රාවණ - 1  චන්ද්‍රිකාව, නේපාලය වෙනුවෙන් වූ NepaliSat -1 සහ ජපානය වෙනුවෙන් වූ Uguisu යන චන්ද්‍රිකා ත්‍රිත්වය අප්‍රේල් මස 18 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ජපානයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් කොටසෙහි රඳවා තබනු ලැබීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට KIBO පර්යේෂණ මොඩියුලය ආධාරයෙන් ජුනි 17 වන දින (අද දින) ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුකරන ලදි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.