Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රුපියල් බිලියන 3.6ක පිරිවැයක් සහිතව යාපනයට ගඟක් ඉදිකිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යාපනය අර්ධද්වීපයට ගංඟා නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිඟය මඟහැරවීම ප්‍රධාන අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ළිංවල ලවණතාවය අඩුකිරීම, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුු සඳහා වන ජල සම්පාදනය වසරකට මිරිදිය ජල ඝනමීටර මිලියන 8ක ප්‍රමාණයකින් ඉහළ නැංවීම, මිරිදිය ජල සුලභතාව ඇති කිරිම මඟින් පානීය හා ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල සැපයුම ඉහළ නැංවීමද මෙහි අරමුණු වෙයි.

මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් වසර පහක ව්‍යාපෘතියක් ලෙස කියාත්මක කිරීමට නියමිතය.

ප්‍ර යෝජනයට ගනු නොලැබූ හෙක්ටයාර් 12 610ක් හා වී, කෙත්වතු භෝග, වැවිලි භෝග හා තණබිම් සහිත හෙක්ටයාර් 1315ක් සංවර්ධනය කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වෙයි.

මෙම ව්‍යාපෘතිය හරහා ලක්ෂ තුනකට අධික ජනතාවක් ප්‍රතිලාභ ලබනු ඇති බව රජය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.