ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය විවෘත වෙයි
- 2017-11-23 17:32:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය (Artificial Intelligence Lab) මොරටුව විශ්වවිද්‍යාලයේදී විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධයෙන් විවෘත වූ මෙම විද්‍යාගාරය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය කොඩ්ජෙන් සමාගම විසින් දරනු ලැබීය.
ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන 5ක ආයෝජනයක් සිදුකර තිබුණි. මොරටුව සරසවියේ ආචාර්ය උපාධි ලබාගන්නන්ට අවශ්‍ය පර්යේෂණ සිදුකිරීම සඳහා මෙය යොදා ගැනීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යෙදුම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම විද්‍යාගාරය නිර්මාණය කර තිබේ.
තම ආචාර්ය උපාධිය පිළිබඳව කරන පර්යේෂණ නිබන්ධනය ආර්ථික විටිනාකමින් යුතු නිෂ්පාදනයක් බවට පත්කිරීමට අවශ්‍ය පදනම සැකසීම මෙම විද්‍යාගාරය නිර්මාණය කිරීමේ තවත් එක් අරමුණකි. එම නිෂ්පාදන වෙළෙඳපොළටයොමුකිරීම සඳහා කොඩ්ජෙන් සමාගම උපකාර කිරීමටද නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ කොඩ්ජෙන් සමාගමේ සභාපති ප්‍රධානවිධායක ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉදිරි පිම්මක් පැනීමට අවශ්‍ය නම් වෙළෙඳපොළ ඉලක්ක කරගත් පර්යේෂණ කිරීම වැදගත් බවයි.
විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය ඒ.කේ.ඩබ් ජයවර්ධන, කෝඩ්ජෙන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු පිරිසක් එක්වූහ.
නිරෝෂා ප්‍රියදර්ශනී/ඉසුරු පෙරේරා
Reply To:
Name - Reply Comment
0 Comments