ලංකාවේ පළමු වරට අඹ වගා සංවර්ධන කලාප
- 2018-09-27 12:46:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාප දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙළ වන අපි වවලයි - අපි කන්නේ යටතේ මෙම කලාප ස්ථාපිත කිරීමට නියමිතය.
කෘෂිකාර්මික වගා කලාප ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කලාපය වන්නේ අඹ වගා සංවර්ධන කලාපයයි. මෙම අඹ වගා සංවර්ධන කලාප තුළ ටොම් ඇන්ඩ් ජේ. සී Tom &JC ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක් වගා කිරීමට කටයුතු යොදා ඇත.
මෙම අඹ ප්‍රභේදය දිවයිනේ වියළි හා තෙත් කලාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි අඹ ප්‍රභේදයක් වන අතර එමෙන්ම වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොළේ ද ඉහළ ඉල්ලුමක් පවතී. ඒ අනුව මෙහි පළමු අදියර තුළ දඹුල්ලේ වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය 12,500කි.
Reply To:
Name - Reply Comment
0 Comments