Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් වර්ගයේ සිවුහැවිරිදි ‘නම්’ යනුවෙන් හැඳින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත පසුගියදා භාරදෙන ලදී.

වර්ෂ 2015 මැයි මස 15 වන දින බොස්නියාවේ උපත ලද ‘නම්’ සුනඛයා උතුරු ඉරාකයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර ‘නම්’ සුනඛයා ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණුකරුවෙකු වන ඇඩිස් පෙල්ටෝ මහතා විසින් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව සුනඛයන් 8 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශය වෙත භාරදෙන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) අතර පැවති පුළුල් අවබෝධතා සහ සුහද සාකච්ඡාවකදී ජාතික අවශ්‍යතාව සහ එහි තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සහ කඩිනමින් සිදුකිරීම සඳහා මෙම සුනඛයා ත්‍යාගයක් ලෙස ලබාදුන්හ. මූලික නිරෝධායන ක්‍රියාපටිපාටිය නිමාවෙන් පසු, බූ ඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සුනඛයන් හැසීරවීමේ අංශය වෙත ඇතුලත් කර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පුහුණුකරුවකුට ‘කීකරුකම හා දිශානතිය’ පුහුණු කිරීමට ‘නම්’ සුනඛයාගේ රාජකාරී ඉටු කිරීමට පෙර භාරදෙන ලදී.

‘නම්’ සුනඛයා නිල වශයෙන් මානුෂිය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත භාරදීමේ උත්සවය පසුගියදා බූ ඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සිදුවිය. එහිදි, ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණුකරුවෙකු වන ඇඩිස් පෙල්ටෝ මහතා විසින් යුද්ධ හමුදා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර වෙත සුනඛයාට අදාළ ලේඛන භාරදුන්හ. තවද, මෙම අවස්ථාව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

වාර්තාවන්ට අනුව, යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කරමින් සිටින සෙබළුන් මේ වනවිට දිවයිනේ වැඩි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර තවත් වර්ග කිලෝමීටර 25.61ක භූමි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කිරීමට නියමිතව ඇති බව ඉංජිනේරු බලසේනාධිපතිතුමන් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.