ලබන වසරේ සිට පළමු වාර විභාගය නෑ
- 2020-02-25 21:33:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේ සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පළමු පාසල් වාරය තුළ සෑම පාසලකම නිවාසාන්තර ක‍්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප‍්‍රදර්ශන, මහා ක‍්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බැවින් බොහෝ සිසුන්ට පළමු වාර විභාගයට නිසි ලෙස සූදානම් වීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම ඇතැම් සිසුන් විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක‍්‍රීඩා කටයුතු, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක‍්‍රීඩා කටයුතුවලින් ඉවත් කරන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්ය බහුල කාලවකවානුවක් බව එහි සඳහන් වේ.
මෙම සියලූ කරුණු සළකා බලා පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග නියම කර ඇති ආකාරයෙන් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments