Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරි සඳහා ලෙබනන් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක කණ්ඩායමට විශේෂ බළකාය හා කමාන්ඩෝ බළකායේ සෙබළුන් එක්වීමට නියමිතය.

මීට අමතරව එම කණ්ඩයට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුළත්ය.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ පළමු කණ්ඩායම ( අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 43 දෙනෙකු) පෙබරවාරි මස තුන්වන සතියේ එම රාජකාරි භාරගැනීමට ලෙබනන් බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ.හේවගේ විසින් මෙම නව සාම සාධක කණ්ඩයට අණදීම සිදුකරනු ලබන අතර,  ඉතිරි භට පිරිස් 2018 පෙබරවාරි මස 18, 19 සහ මාර්තු මස 06 යන දිනයන් හිදී දිවයිනෙන් පිටත්වීමට කටයුතු යොදා තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.