ලොවම කම්පා වේ
- 2019-04-21 17:42:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාස්කු ඉරිදා දිනයේ (21) මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරන අතර, සියළු ආකාරයේ ත්‍රස්ත ක්‍රියා ජාත්‍යන්තර සාමයෙන් සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කියා සිටියේය.
එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන පරීක්ෂණවලට සහය වන ලෙස සියළු රටවලින් ඉල්ලා සිටින බවද එමගින් නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාකත්වය දරනු ලබන්නේ , ප්‍රංශය , රුසියාව , එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් පහ පමණකි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය සතු ප්‍රධාන ම කාර්යය වේ.
ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15කින් සමන්විත වන අතර ඉන් 5ක් එහි ස්ථීර සාමාජිකත්වය දරයි. චීනය, ප්‍රංශය, රැසියාව, අමෙරිකාව, එක්සත් රාජධානිය එහි ස්ථීර සාමාජිකයින් ය. ප්‍රඥප්තියට අනුව සෑම රටකට ම එක් ඡන්දයක් හිමි වේ. ප්‍රඥප්තියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ම සාමාජික රටවල් ආර්ක්ෂක මණ්ඩලයේ තීරණ සමග එකඟ විය යුතු ව ඇත.
තව ද ආරක්ෂක මණ්ඩලය තුළ කිසියම් සාමය හා ආරක්ෂාව සම්බන්ධ යෝජනාවක් සම්මත වීමට නම් ස්ථීර සාමාජික රටවල් 5 ම එකඟ විය යුතු ය. ලෝක සාමයට පවතින තර්ජන, කළහකාරී සිදුවීම් පිළිබඳ මෙම මණ්ඩලය අවධියෙන් පසුවන අතර එවැනි අර්බූද සාමකාමීව විසඳීමට හෝ විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම මණ්ඩලයට බලය තිබේ. සමහර කාරණාවන්හිදී අන්තර්ජාතික සාමය හෝ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුදමය බලය යෙදවීම සඳහා යෝජනා සම්මත කිරීමට ද මෙම මණ්ඩලයට බලය හිමි වේ. ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයෙකු සිටින අතර ඔහුගේ තනතුර සෑම මසකට වරක් ම වෙනස් වේ.
වතිකානයේදී චාරිත්‍රානුකූළ පාස්කු ඉරිදා විශේෂ දේව මෙහෙය ඇමතු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාර හෙළා දකිනු ලැබූහ. උන්වහන්සේ විසින් එම ප්‍රහාර හඳුන්වනු ලැබුවේ "කෘර ප්‍රචණ්ඩකාරී " ක්‍රියාවක් ලෙසය.
පාස්කු දින "ශෝකයට සහ වේදනාවට පත්" කිතුනු බැතිමතුන් සමීපයෙන් තමන් ඉන්නා බව ශාන්ත පීතර චතුරශ්‍රයට එක් වූ ජනතාව අමතමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. pic courtesy- getty imege
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර ඇත.
ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානුවන් ශ්‍රී ලාංකිකයන් වෙත හදවතින්ම ශෝකය පළ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශෝකය ප්‍රකාශ කරයි.
"වටිනා ජීවිත සහ සිය ගණනක් තුවාල ලද ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා එල්ල වූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා" යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.
"ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින," බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.
සිංහල බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද ට්විටර් පණිවුඩ පළ කරමින් ඔහු පවසා ඇත්තේ, "ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින" බවය.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඇය පවසා ඇත්තේ, "කිසිදු පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසය මත බියකට පත් වීමට ඉඩ නොතැබිය යුතු," බවය.
මේ අතර, බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බවය.
මේ අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ. (BBC)
බැරැක් ඔබාමා
ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා මහතාද ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රහාරය ගැන කණස්සල්ල පල කර ඇත. පාස්කු මෙහෙයට හා සංචාරකයින්ට එල්ල කළ මිලේඡ ප්‍රහාරය මනුසවයට එල්ල කළ ප්‍රහාරයක් බව ඔහු ප්‍රකාශ කරයි. විපතට පත් වූවන් සමග අපද සිටින බවද ඔහු කියයි.
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය තරයේ හෙළා දකින බවත් එම ප්‍රහාර සාමය සහ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීම තම එකම අරමුණ කර ගත් රැඩිකල් ත්‍රස්තයින්ගේ කෘෘර ස්වභාවය පෙන්නුම් කිරීමක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම නිවේදනය සිංහල සහ දෙමළ භාෂා වලින් නිකුත් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments