Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සිව්වැනි වරට සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහජන ප්‍ර‍දර්ශනය සඳහා  හෙට (10 දා) එනම් වෙසක් පුන්පොහෝ දින විවෘත කෙරෙන බව වරාය හා නාවික අමාත්‍යාංශය පවසයි.

දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබාගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතයේ අවස්ථා නිරුපණය වන පරිදි ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා නිර්මාණය කර ඇති මෙම ලේසර් කිරණ තොරණ උස අඩි 60කින් හා  පළල අඩි 40කින් යුක්ත වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තොරණේ පසුබිම් සංගීතය විමලජීවදොඹවත්ත මහතා විසින්ද, කතාවස්තුව දිමුතු චින්තක මහතා විසින්ද ඉදිරිපත් කරන බවත්,වෙසක් පොහෝදින සවස 07.00ට විවෘත කරන තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව තබන බවත්, පවසන වරාය හා නාවික අමාත්‍යාංශය කොළොම්තොට වෙසක්  කලාපය කොළඹ ගාලුමුවදොර පිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් විහිදී පවතින බවත් පවසා සිටියි.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 copy 2 copy 3 copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.