Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක්ව සිටි ජපාලයේ නාබි තජීමා සිය දිවියෙන් සමුගෙන තිබේ. ඇය ජීවිතක්ෂයට පත්වන විට 117 වැනි වියේ පසුවූවාය.

19 වැනි ශතවර්ශයේ (1901 ජනවාරි 1 න් අවසන්) උපත ලබා ඇති බවට දැනුවත්ව සිටි එකම පුදග්ලයා නාබි විය. ඇය 1900 අගෝස්තු මස 4 දා උපත ලබා තිබුණි. සෙනසුරදා ඇය ජීවිතක්ෂයට පත්වූ අතර ජනවාරි මාසයේ සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය .

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ලෝක වාර්තා අතරට එක්ව සිටි ජපානයේ නබී ටජිමා (Nabi Tajima) නැමති කාන්තාව මිය ගියා. මිය යත්දී ඇගේ වයස, අවුරුදු 117 ක්. අප්‍රේල් 21 වැනිදා ඇය මිය ගියේ ජපානයේ කියාකි නගරයේ රෝහලක දී යි.

නබී ටජිමා උපත ලබා ඇත්තේ 1900 වසරේ අගෝස්තු 4 වැනිදා ජපානයේ කියාකි නගර ප්‍රදේශයේ දී යි. ඇයට පුතුන් සත් දෙනෙකු සහ, දියණියන් දෙදෙනෙකු සිටිනවා. ඇගේ සමස්ත දරු මුණුබුරන් සංඛ්‍යාව 160 ක් පමණ වනවා. එමෙන්ම ඇය ලොව ජීවත්ව සිටි 19 වැසි සියවසේ උපන් අවසන් මනුෂ්‍යයායි.

නබී ටජිමා ට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතර එක්ව සිටියේ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන් නැමති කාන්තාවයි. ඇය ද වයස අවුරුදු 117 දී මිය ගියා. ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ දී යි. නබී ටජීමා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වූයේ ඉන් අනතුරුවයි.

නබී ටජීමා ගේ මරණයෙන් පසු ලොව වයස්ගතම පුද්ගලයා බවවට පත්වන්නේ චියෝ මියාකෝ නැමති තවත් ජපාන ජාතික කාන්තාවක්. මේ වසරේ මැයි 2 වැනි දා ඇය ද වයස අවුරුදු 117 සම්පූර්ණ කරනවා.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.