ලෝකයේ උසම ප්රතිමාව ඉන්දියාවේදි විවෘත කරයි
- 2018-10-31 14:14:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටේල් මහතාගේ ප්‍රතිමාව මෙසේ අද දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරනු ලැබීය.
ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වෙනු ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ මෙය ජනතා මුදල් විනාශ කර දැමීමක් බවයි.
මෝදි මහතා 2010 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේදි මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ.
----------------------------------------------------------------------------------------------------------------------------
ලොව උසින් වැඩිම පිළිමය ඉන්දියාවේ
වසර පහක් තිස්සේ ඉදිකෙරුණු ලෝකයේ උසම පිළිමය පසුගිය 31 වැනිදා ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්තයේ දී විවෘත කෙරුණි. මීටර් 182 ක් (අඩි 597 ක්) උසැති පිළිමය, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියකු වන සර්දාර් පටෙල් සිහි කරමින් ඔහුගේ රුවින් ඉදි කරන ලද්දකි. පිළිමය විවෘත කරනු ලැබුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි. ලෝකඩවලින් ඉදි කළ දැවැන්ත පිළිමය ඇත්තේ බටහිර ගුජරාටයේ කෙවාදියා හි නර්මදා ගං ඉවරේ, සදාර් සර්වෝර් වේල්ල අසලය. පිළිමය ඉදිකිරීමට වැය වුණු මුදල ඉන්දීය රුපියල් බිලියන 29.9 (ඇමෙරිකන් ඩොලර් මිලියන 430) ක් බව පැවැසෙයි. ඉන්දීය අගමැති මෝදි, පිළිමය නම් කරනු ලැබ ඇත්තේ ‘ඒකීයත්වයේ පිළිමය’ යන නමිනි.
ඒකීයත්වයේ පිළිමය
පිළිමය විවෘත කරමින් ඉන්දීය අගමැති මෝදි, සර්දාර් පටෙල් සිහි කරමින් විශේෂ ගුණකථනයක් කළේය. පිළිමය විවෘත කරද්දී ඉන්දීය ගුවන් හමුදාව හෙලිකොප්ටර්වලින් පිළිමයට මල් ඉසින්න විය. ඉන්දීය ධජයේ වර්ණ ගත් බැලුන මුදා හැරිණි.‘ඒකීයත්වයේ පිළිමය’ බලාපොරොත්තුවේ සංකේතය බවත්, ඇමෙරිකාවේ නිදහසේ ප‍්‍රතිමාව හෙවත් ලිබර්ටි ප‍්‍රතිමාව මෙන්, සහ ප‍්‍රංශයේ අයිෆල් කුලුන මෙන්, ‘ඒකීයත්වයේ පිළිමය’ ඉන්දියාවේ සංකේතය ලෙස ලොවට යනු ඇති බවත් ඉන්දීය අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් ද කළේය. විවෘත කිරීමෙන් අනතුරුව, පිළිමය පෙනෙන අයුරින් ඡායාරූපවලට පවා අගමැති මෝදි කටයුතු කළේය.
අසීරු කටයුත්තක්
කම්කරැවන්, ඉදිකිරීමේ සේවකයන්, ඉංජිනේරැවන් දස දහස් ගණනක් දිවා රූ නොබලා වසර පහක් තිස්සේ ඉදිකිරීම් කටයුතුවල නියැළුණු බව ගුජරාට ප්‍රාන්තයේ වර්තමාන මහ ඇමැති විජේ රෑපානී කියයි. පිළිමය විවෘත කිරීමේ අවස්ථාවට ඔහු පමණක් නොව, ගුජරාට ප‍්‍රාන්ත රජයේ මැති ඇමැතිවරැන් රුසක් ද පැමිණ සිටි බව වාර්තා විය. පිළිමයේ අඩි 500 ක් උසට වෙන්න නැරඹුම් වේදිකාවක් ඉදිකර තිබේ. පිළිමය දිගේ ඉහළට ගොස් මෙම නැරඹුම් වේදිකාවට ගොඩ වී දසත සුන්දරත්වය නැරඹිය හැකිය. නැරඹුම් වේදිකාවේ වරකට නරඹන්නන් 200 දෙනකුට පහසුවෙන් රුඳී සිටිය හැකි බව පැවැසෙයි.
වැඩි විස්තර සඳහා 2018 නොවැම්බර් මස 13 වැනිදා අඟහරුවාදා විජය පුවත්පත කියවන්න







Reply To:
Name - Reply Comment
0 Comments