Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකදී සොයා ගෙන තිබේ. එමෙන්ම ලෝකයේද මෙවැනි විශාල සජීවී ඉබ්බෙකු හමුවූ බවට වාර්තාවී නොමැති බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.

එම ජාතික වනෝද්‍යානයේ  වනජීවී  නියාමකවරයෙකු වූ රංග විජේරත්න මහතා පසුගිය 30 වනදා වනෝද්‍යානයේ නිරීක්ෂණයේ යෙදී සිටි අවස්ථාවේදී මෙම තාරකා ඉබ්බා හමුවී තිබේ .

ඊයේ (06දා) පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විසින් මෙම ඉබ්බා නිරීක්ෂණය කිරීමෙන් පසුව  ඉබ්බාගේ බර   කිලෝ ග්‍රෑම්  14 ක් පමණ වන බවත්,  යටකොටසේ (carapace )  දිග 45cm වන අතර, ඉබි කටුවේ(carapace ) උස 22 CM හා දිග 42cm (Paltron) බව සොයාගෙන තිබේ.

ඉබ්බන් අතරින් තාරකා ඉබ්බා ලෝකයේ රටවල් අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව යන රටවල් තුන තුළ පැතිරී සිටින බවත්, මෙම තාරකා ඉබ්බා ලොකුම සතා බවත් වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසා සිටී .

මේ පිළිබඳ  වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

'' මේ සතාගෙ බර සහ ප්‍රමාණය ආදී තොරතුරුත් එක්ක මේ වගේ සතෙක් ලෝකයේ හිටිය ද කියලා බැලුවොත් ඒ හිටපු ඉබ්බන්ට වඩා මෙයා දෙගුණයකටත් වඩා වැඩියි.  මේ ඉබ්බා සුවිශේෂී සතෙක්. අපි තවදුරටත් තොරතුරු හොයලා බලන්න ඕන. තව මොකක් හරි දත්තයක් තියෙනවද කියලා. නමුත් මේ තියෙන වටපිටාවෙ දැනුමෙන් නම් මේ සතා මේ ලෝකෙ වාර්තා වෙච්ච විශාලතම තාරකා ඉබ්බා කියලා කියන්න පුළුවන්.

මේ සතා හමුවෙන්නෙ  නිදහස් පරිසරයක් තුළ උද්‍යානයක . වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන නියාමක නිලධාරී මහත්මයෙක් ක්ෂේත්‍රයේ චාරිකාවක යෙදෙද්දී තමයි  දකින්නෙ. එම නිලධාරී මහතා ඒ වෙලාවෙ ගත් නිසි ක්‍රියා මාර්ගය නිසා තමයි මේක ලෝකෙට එළිදරව් වුණේ. මෙතනින් එහාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යුතුකමක් වෙනවා මේ සතාගෙ ඇති සුවිශේෂත්වය සහ ඉන් රටට ගෙනාපු කීර්තිය,වනජීවී සංරක්ෂණයට ගෙනාපු කීර්තිය ඉස්සරහට ගෙනිහිල්ලා එයම මේ සතුන්ගේ සංරක්ෂණයට යොදාගැනීමට.

සම්මත  ක්‍රමයට බැලූවිට මෙම සතා පිරිමි සතෙකු වෙනවා  තාරකා ඉබ්බන්ගේ පිරිමි සතා කියන්නෙ ගැහැනු සතාට වැඩිය ප්‍රමාණයෙන් අඩු සතෙක්. පිරිමි සතෙක් මෙච්චර විශාල වුණා කියන්නෙ මෙහි ඇති සුවිශේෂීත්වයට තවත් යමක් එකතු වීමක්.

ඒ අනුව අපි හිතනවා මේ සතා ලොකු සම්පතක් කියලා. නිශ්චිතවම වයස නිර්ණය කරන්න බැහැ. සමහර විට වයස අවුරුදු හැටක් හැත්තෑවක් වෙන්න පුළුවන්. සමහරවිට ඊට වැඩිවෙන්නත් පුළුවන්. මෙතෙක් නිදහසේ සිටියා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට අපි විශ්වාසකරනවා මේ සතාට තමන්ගේ ජීවිතේ ඉතිරි කාලයත් නිදහසේ ඉන්න ලැබෙයි කියලා.

එසේ නැතිව මේ ලැබුණු සුවිශේෂත්වය එම සතාගෙ නිදහසට බාධාවක් වුණොත් එය අනුමත කරන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි ඒ සතා හිටපු නිදහස් පරිසරයේ ආරක්ෂාකාරීව එමෙන්ම එම සතා හිටපු තැන රහසිගතභාවය රැකෙන ආකාරයට මේ සතා නිදහස් කිරීම තුළ ඒ සතා අපිට දීපු, රටට දීපු වටිනාකමම අපි පෙරළා ඒ සතාට ලබාදෙන එක”  යනුවෙන් පවසා සිටියේය.

රාහුල් සමන්ත

3 copy 4 copy 6 copy 10 copy 13 copy 14 copy

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.