ලෝක ආදිවාසී සැමරුම් උළෙල
- 2017-08-14 14:38:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආදීවාසී ජනයාගේ අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයට වසර දහයක් සැපිරීම තේමා කොටගනිමින් මෙවර ලෝක ආදිවාසී දිනය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අගෝස්තු මස 09 වන දින දඹාන, දළුකාන, පොල්ලබැද්ද, හෙන්නානිගල, රතුගල, වාකරේ ඇතුළු ආදිවාසී ගම් 8 ක පවුල් 350 ක සහභාගිත්වයෙන් දඹාන ආදිවාසී වැදි ජන උරුම කේන්ද්‍රයේදී පවත්වනු ලැබීය.
ආදි වාසී ජනයා විසින් පසුගිය වසරේ අගෝස්තු මස ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලීම් කර තිබූ වෙද පියස සහ ගබඩාව සම්පූර්ණයෙන් ම සාදා නිම කොට වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හට භාර දීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විසින් නිල වශයෙන් සිදු කරනු ලදී.
ඡායාරූප- අධ්‍යාපන අමාත්‍යාංශය
Reply To:
Name - Reply Comment
0 Comments