ලෝක උරුම නෝත්ර දාම් කතෝලික දේවස්ථානයේ ගින්නක්
- 2019-04-17 09:41:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප‍්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ විය.
සිව්වැනි සියවසට අයත් පෞරාණික සුප‍්‍රසිද්ධ ස්ථානයක් වූ මෙම දේවස්ථානයේ වහලය අළුත්වැඩියා කිරීම සඳහා මේ දිනවල කටයුතු සිදු වෙමින් පැවැතිණ. ඒ අතර 15 වෙනි සදුඳා සවස 6.30 ට පමණ දේවස්ථානයේ සවිකර ඇති ගිනි ආරක්ෂිත නලා නාද විය. 6.45 පමණ වන විට මෙම ගින්න පැතිරී තිබේ. ඒ වනවිට අළුත්වැඩියා වැඩ බිමේ සේවකයෝ එදින වැඩ අවසන් කර නිවෙස් බලා ගොස් සිටියහ.
ගින්න ආරම්භ වන මොහොතේ පවා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ සිටි අතර ඔවුන් සියල්ලෝම ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.
පැරීසියේ ගිනි නිවන භටයෝ 200ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීමට යෙදී සිටියහ. කෙසේ වෙතත් අද 16 වැනිදා අලූයම 2.00 වන විට බොහෝ දුරට ගින්න පාලනය කිරීමට හැකි වුවද ඒවන විට දේවස්ථානයේ වහලය මත සිට අහසට විහිදුණු ඊතලය වැනි ඇති පෞරාණික කොටස සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබිණි.
ප‍්‍රංශයේ හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප‍්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති නිර්මාණයකි. ඉපැරණි ප‍්‍රංශ ගොතික් කලාවෙන් පරිපූර්ණ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ වලින් යුත් මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර ඇත්තේය. මේ සඳහා වසර 200 කට කාලයක් වැය කොට ඇත.
ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප‍්‍රකාශයට පත්කෙරුණු, නෝත්ර දාම් ඬේ පැරී (පැරීසියේ අපේ මව) නම් ලෝක ප‍්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගත්තේය.
දැනට සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බව බලධාරීන්ගේ මතයයි. පැරීසියේ අයිෆල් කුළුනට පසුව සංචාරකයන් වැඩිම ප‍්‍රමාණයක් නරඹන ස්ථානය මෙම දේවස්ථානය පත්ව තිබේ. වසරකට සංචාරකයෝ ලක්ෂ 140 ක් පමණ මෙය නැරඹීමට පැමිණෙන බව සංචාරක වාර්තාවල සඳහන්වේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටැවූ පස්වන ප‍්‍රංශ ජන රජයේ ප‍්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල්, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොම්පිඩූ මෙන්ම ප‍්‍රංශුවා මිතොරොන්ග් මියගිය පසු ඔවුන්ගේ අවසන් ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේය.
දේවස්ථානය ගිනිගත් 15 වන සඳුදා දිනයේ රාත‍්‍රී 8.00 ට ප‍්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ කතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද දේවස්ථානයේ ඇතිවූ ගින්න හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම අවලංගු කළ බව ජනාධිපති කාර්යාලය දැනුම් දුන්නේය.
ඉන්පසු මෙම විනාශය සියැසින් දැකබලා ගැනීම සඳහා ජනාධිපතිවරයාත්, අගමැති එඩුවා පිලිප්, කතානායක රිචාර්ඩ් පෙරොන්ඩ්, පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ මහත්මිය ඇතුළු ඇමැතිවරු පිරිසක් රාත‍්‍රී 8.30 ට පමණ දේවස්ථානය අසළට පැමිණියහ.
රාත‍්‍රී 11.30ට පමණ දෙවන වරටත් ජනාධිපතිවරයා සිය බිරිඳ බි‍්‍රජිට් මැක්රොන් සමඟ නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය. ඒවන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට නොහැකිවී තිබිණ.
මෙම විනාශය සැළවූ වහාම ඇමෙරිකානු ජනාධිපති, ජර්මන් චාන්සල්වරිය, බ‍්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුට්රෙස්, ටෙනිස් ක‍්‍රීඩක රෆායල් නඩාල්, සුප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩක බ‍්‍රසීල ජාතික නෙයිමාර් යන අය විසින් අපට හිමිව තිබු යුරෝපයේ ලෝක උරුමයක් විනාශ වීම ගැන තම කනගාටුව පලකරන නිවේදන නිකුත් කර තිබිණ.
ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂ දැනුම ඇති කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතත්, මේවන විටත් ගින්නට ආසන්නම හේතුව සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments