Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක උරුම ස්ථාන කළමනාකරණය හා තිරසාර සංවර්ධනය අරමුණු කරගත් ආසියානු කලාපීය සමුළුව මේ මස 20 වැනි දින සිට 30 දක්වා කාලය තුළදී ලංකාවේදී පැවැත්වෙන අතර, මෙම සමුළුව සඳහා ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගිවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමෙහිලා ප්‍රජා මූලික ක්‍රම‘වේදයන් ප්‍රවර්ධනය සඳහා වූ ආසියානු කලාපීය පාඨමාලාව ලෙස මෙම සමුළුව හඳුන්වන අතර, මෙහි සමාරම්භක සැසිය මේ මස 20 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

21 වැනි දින සිට 30 වැනි දින දක්වා %දඹුල්ල අමායා ලේක්^ හෝටලයේදී මෙම සමුළුව පැවැත්වෙන අතර, රංගිරි දඹුලු විහාර, සීගිරිය රිටිගල ආශ්‍රිත ස්ථාන හා මින්නේරිය, රිටිගල වන උද්‍යාන ප්‍ර‘දේශ හා වාරි ප්‍ර‘දේශ කෘෂි භූමි මූලික කරගනිමින් කළමනාකරණය පිළිබඳ අධ්‍යනයක්ද මෙහිදී සිදුකිරීමට නියමිතය. මීට අමතරව සම්ප්‍රදායික ක්‍රම‘වේදයන්, විශ්වාස, ඇදහිලි හා තාක්ෂණය වැනි දෑ පිළිබඳවද අවදානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්වේ.

මෙම සමුළුව රෝමයේ පිහිටි සංස්කෘතික දේපොළ සංරක්ෂණ අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය, ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර තිබේ. සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂාව සහ යහපැවැත්ම ජනසහභාගිත්වයෙන් සිදුකිරීම අරමුණු කරගනිමින් මෙම සමුළුව පැවැත් වේ.   

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.