Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 ලෝක ජනගහනය ඉදිරි වසර 13 ඇතුළත කෝටි 100කින් වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ අනුව වර්තමානයේ කෝටි 760ක් වන ලෝක ජනගහනය වර්ෂ 2030 වනවිට කෝටි 860ක් වනු ඇත.

එසේම වසර 2050 දී ලෝක ජනගහනය ‍කෝටි 1000ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.දළ වශයෙන් වර්ෂයකදී ලෝක ජනගහනයට ලක්ෂ 830ක ජනතාවක් එක්වන බව වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජකටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන ශාඛාව විසින් සිදුකර ඇති මෙම ගවේෂණයෙන් අනාවරණය වී  ඇත්තේ ඉන්දියානු ජනගහනය ඉදිරි වසර හත ඇතුළත චීනය අභිබවා යමින් ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට බවට පත්වනු ඇති බවයි.

එසේම දැනට ජනගහනයෙන් හත්වන ස්ථානයේ පවතින නයිජීරියාව ඇමරිකා එක්සත් ජනපදය අභිබවා යමින් තෙවන ස්ථානයට පත්වනු ඇත.

මෙම වාර්තාව රටවල් හෝ ප්‍රදේශ 233ක ජනගහන දත්ත ආශ්‍රයෙන්  සකස් කර ඇති බව ජනගහන අංශයේ අධ්‍යක්ෂක ජෝන් විල්මත් මහතා පවසයි.  අප්‍රිකානු රටවල් වල සීඝ්‍ර ලෙස වැඩිවන ජනගහන වර්ධන අනුපාතයන් සම්බන්ධව මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. ඒ අනුව 2050 වනවිට ලෝක ජනගහනයෙන් බාගයක් අප්‍රිකානු රටවල ජනතාව විසින් අත්කර ගනු ඇති බව වාර්තාවේ සඳහන් වේ.  ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ ජනගහන වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වන බවද වාර්තාවේ දැක්වේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085) ලංකාදීප ඇසුරිනි

image_24b62f9496

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.