Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක නගර දින සැමරුම අග්‍රාමාත‍්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුහුරුපාය පරිශ්‍රයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි..'සපිරි නගරයක්' විසිරි සංවර්ධනයක් යන තේමාව යටතේ සැමරුම් උත්සවය පැවති අතර මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, 
“අපට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා. තවදුරටත් අප දුප්පත් රටක් ලෙස ජීවත් විය යුතු නැහැ. වෙනත් රටවල් අප පසුකරගෙන යනතුරු බලාගෙන සිටිය යුතු නැහැ. මුල් වසර 5 ඇතුළත අප සංවර්ධනයේ අඩිතාලම දමනවා නම් ඉන්පසුව අපට බය නැතිව ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. ඔබටත් ඔබේ දරුවන්ටත් ශ්‍රී ලංකාවේ සතුටින් ජීවත් වීමට හැකි අනාගතයක් උදා වෙනවා. අප සියලූදෙනා එකතු විය යුත්තේ ඒ වැඩකටයුත්ත ඉටුකර ගැනීම සඳහායි. ඒ සඳහා බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශයට විශාල වැඩකටයුත්තක් පැවරී තිබෙනවා. මහනගර වැඩපිළිවෙළ සාර්ථක නොවූවහොත් වෙනත් කිසිවක් සාර්ථක වන්නේ නැහැ. ඉදිරියේදී සාර්ථක වන්නේ ඔබේ අනාගතයයි. ඔබේ දරුවන්ගේ අනාගතයයි“.“අප මහවැලි ව්‍යාපාරය සැදූ අයුරින් නිවාස ඉදිකළ අයුරින් ශ්‍රී ජයවර්ධනපුර අගනුවර බිහිකළ අයුරින් මේ වැඩකටයුත්තත් සාර්ථක කරගනිමු. දියුණුව ඉදිරියට ගෙන යමු“ යණුවෙන් ප්‍රකාශ කළා.

අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය

A (1) A (2) A (3) A (4) A (5) A (6) A (7) A (8) A (9) A (10) A (11) A (12) A (13) A (14)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.