ලෝක නිරාහාර දර්ශකයේදී ශ්‍රී ලංකාවට 84 වැනි තැන
- 2016-10-18 10:26:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී ශ්‍රී ලංකාවට 84 වැනි ස්ථානය හිමිව තිබේ.මෙම දර්ශකය ගණනය කිරීමට සංවර්ධනය වන රටවල් 118ක් යොදාගෙන ඇති අතර, එම රටවල් 118න් 84 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
දුප්පත්කම, විරැකියාව, සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය යන සාධක පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කර ඇත.අසල්වැසි ඉන්දියාවට මෙහිදී හිමිව ඇත්තේ 97 වැනි ස්ථානයයි. නේපාලය 72 වැනි ස්ථානයට පත්ව ඇත. චීනය 29 වැනි ස්ථානයේ පසුවෙයි. පාකිස්තානය 107 වැනි ස්ථානයේද බංග්ලාදේශය 90 වැනි ස්ථානයේද පසුවෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments