ලෝක නිරාහාර දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට
- 2019-10-17 13:11:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව එම දර්ශකය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය මට්ටමට පැමිණ තිබේ.
2018 වසරේදී ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයේදී ඉදිරියට පැමිණ තිබේ. 2000 වසරේ පටන් ශ්‍රී ලංකාව මෙම දර්ශකය තුළ ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම කැපී පෙනෙන සාධකයකි.
මෙවර මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 117ක් යොදාගෙන තිබුණි. දකුණු ආසියාව තුළ ඉදිරියෙන්ම පසුවන රට බවට පත්ව තිබේ. මෙම දර්ශකයට අයත් සෙසු දකුණු ආසියනු රටවල් වන ඉන්දියාව (102), නේපාලය (73), බංග්ලාදේශය (88), පාකිස්තානය (84), ඇෆ්ගනිස්තානය (108) භූතානය හා මාලදිවයින මෙම දර්ශකය ගණනය කිරිම සඳහා යොදාගෙන නොමැත.
ලෝකයේ, කළාපීයව හා ජාතික මට්ටමින් කුසගින්න තුරන් කිරිම අරමුණුකරගෙන මෙම දර්ශකය ගණනය කරයි.
මෙහි ඉදිරියෙන්ම පසුවන රටවල් පහ බෙලාරුස්, බොස්නිය හා හර්සගේවිනා, බල්ගේරියාව, චිලී හා කෝස්ටාරිකා වන අතර අවසන් ස්ථාන පහේ පසුවන්නේ සැම්බියාව, මැඩගස්කරය, චැඩ්, යෙමන් හා මධ්‍යම අප්‍රිකා ජනරජයයි.
Reply To:
Name - Reply Comment
0 Comments