ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාවෙන් වැඩසටහන් මාලාවක්
- 2020-06-06 22:39:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ඊයේ (05) වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
“ජෛව විවිධත්වය - සොබාදහමට ඉඩක්” යන්න තේමා කර ගනිමින් මෙවර පැවැත්වෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් උතුරු නාවික විධානයේ සියළුම නාවික හමුදා කඳවුරු ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි.
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් සඳහා උතුරු නාවික විධානයේ නාවික කඳවුරු භාර අණදෙන නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වන ලදි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක නීල හරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එත් අධියරක් වශයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන් මාලාව ලෝක පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලදි.
තවද මෙහිදී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙන්ම තිරසාර සංවර්ධනය වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් නාවික පුද්ගලයින්හට දැනුම ලබා දීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට කටයුතු කරන ලදි.
Reply To:
Name - Reply Comment
0 Comments