ලෝක බැංකු ආධාර යටතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ඇමරිකානු ප්‍රතිපාදන
- 2018-10-22 14:36:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ. 2018 - 2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ සමාරම්භය 2018-10-22 දින පෙ.ව 10.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාව ඉහළ නැංවීමේ මූලික අරමුණින් ඉදිරි වසර 5 තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාව ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාව තක්සේරුකරණය, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමට, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය ශක්තිමත් කිරීමට, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.
2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූල ව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments