ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ
- 2017-11-02 17:12:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුථව ශ්‍රී ලංකාවේදී අද (02දා) ආරම්භවිය. අරලියගහ මන්දිරයේ පැවැති සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුථව නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි. “ලෝක සාමය උදෙසා බුදු දහම” යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව අද සිට 07 වනදා දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 02, 03 සහ 04 දිනවල එය අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී ද, නොවැම්බර් 05 වන දින සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ද පැවැත්වේ.
නොවැම්බර් 06 සහ 07 දෙදින ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය සහ ඓතිහාසික මහනුවර දළදා සමිඳුන් වැඳ පුදා ගැනිමට සමුළුවට සහභාගීවන සියුදෙනාට අවස්ථාව සළසා ඇත.
නි ෙරා්ෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments