Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න හා අභියෝගයන්ට මුහුණ දීම සදහා බෞද්ධ ජනතාව ඒකරාශී කොට බෞද්ධයන් සදහා සංවිධානයක් පිහිටුවා ගැනීම අප්‍රමාදව ආරම්භ කළයුතු යැයි කියවෙන යෝජනාවක් ඇතුළු යෝජනා 9ක් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ අද (14) පැවැති එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටු රැස්වීමේදී ඒකඡන්දයෙන් අනුමත විය.

මෙම යෝජනා 9 ඇතුළත් "මහනුවර ප්‍රකාශනය" අද (14) පස්වරුවේ දළදා මාළිගා පරිශ්‍රයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදි.
එම යෝජනා මෙසේය.

01.    ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව ඒකරාශී වෙමින් සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව බොහෝ කලක් ඉටු කර ගැනීමට අපොහොසත් වූ අපේක්ෂාවක් බවට පත්ව ඇති හෙයින්, බෞද්ධ දර්ශනයේ හරපද්ධතිය සහ මූලික ඉගැන්වීම් මත පදනම්වූ පරමාර්ථ සහ අභිමතාර්ථ ඉටුකර ගැනීමෙහිලා බෞද්ධයන් සඳහා සංවිධානයක් පිහිටුවා ගැනීම ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ යුතුවන්නේය.


02.    ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මුහුණපාන්නට සිදුවන ප්‍රශ්න හා අභියෝගයන්ට මුහුණදීම සඳහා බෞද්ධ ජනතාව ඒකරාශී වීම මගින් විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කළයුතු වන්නේය.
03.    අධ්‍යාත්මික හරපද්ධතීන් යටපත් කරමින් මතුවන භෞතිකවාදය හේතුවෙන් මානව සමාජයේ සිදුවෙමින් පවතින බරපතල විනාශයන් සහ ඉදිරියේ ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් සියලු සත්වයන් සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාදයකින් තොරව පියවර ගත යුතුය.
04.    ලොව තුළ සිදු වෙමින් පවතින අති විනාශකාරී අවි ආයුධ නිෂ්පාදනය සහ බෙදා හැරීම හේතුවෙන් මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳ බරපතල අනතුරුදායක තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් එවන් වූ අවි ආයුධ නිෂ්පාදනය සහ බෙදා හැරීම වළක්වා ගැනීම පිණිස වහ වහා ගත යුතු සියලු ක්‍රියා මාර්ග ගතයුතු බවට සහ එම පරමාර්ථ මත පිහිටා කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරමින් ලොව තුළ සාමකාමී සහ සහජීවනය පවතින වාතාවරණයක් ස්ථාපනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා සියලු පියවර ගත යුතුය.
05.    ලොව තුළ මීට පෙර කිසිඳු කලෙක සිදු නොවූ ආකාරයේ ලෝක පරිසරය දිගින් දිගටම විනාශයට පත් වෙමින් පවතින හෙයින් ඒ පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත්කොට පරිසරය ආරක්ෂා තකර ගැනීම පිණිස කැපවෙමින් කටයුතු කරන සංවිධාන සහ රාජ්‍ය සමඟ එක්ව කටයුතු කිරීමට පියවර ගත යුතුය.
06.    දැනට ලොව තුළ ජීවත් වන තරුණ පරම්පරාව ඉතා සීඝ්‍රලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන එහි ඇති අන්තරාදායක බව සහ එහි ඇති බරපතල ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගතයුතු සියලු පියවර ගත යුතුය.


7. නිරන්තරයෙන් ලොව තුළ ආගමික කාරණා මුල් කොටගෙන සිදු කෙරෙමින් පවතින ආගමික ගැටුම් සහ වියවුල් සැලකිල්ලට භාජනය කරමින් ලොව තුළ දිගුකාලීනව පවතින අන්තර් ආගමික සහජීවනය පවත්වාගෙන යාමෙහිලා පවතින ප්‍ර‍මුඛතම වගකීම අප සංවිධානය විසින් භාරගෙන කටයුතු කිරීමේ යුතුකම නොපිළිහෙලා ඉටු කිරීමට නොපමාව කටයුතු කළ යුතුය.

08. මානවයා තුළ පැවතිය යුතු වටිනා සාරධර්ම සහ අධ්‍යාත්මික ගුණ වගාවන් බරපතල ලෙස පිරිහීමට පත්ව ඇති හෙයින් නැවතත් එම සාරධර්ම සහ අධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් හෙබි බෞද්ධ දර්ශනය පදනම් වූ ධාර්මික ජීවිත ගත කිරීමට මාර්ගෝපදේශ සැපයිය හැකි මාධ්‍ය ජාලයක් තුළින් බුදුන් වහන්සේගේ ධර්මය ප්‍ර‍චලිත් කිරීමට කටයුතු කළ යුතුය.

9. මානව වාර්ගයාගේ සමස්ත පිරිහීමක් සහ මානව හර පද්ධතීන් සහ ගුණාංගයන්ගේ බරපතල ලෙස ඛාදනය වීමේ අවධානයක් ඇති හෙයින් එවන් ව්‍යසනයන්ගෙන් මානව වර්ගයා මුදවාගෙන අර්බුද සහ ගැටුම්වලින් තොර සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීමෙහිලා බුදුන් වහන්සේගේ ඉගැන්වීම මත පදනම් වූ හර පද්ධතියක් වෙත යොමු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය.

DSCN9934

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.