ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලබන 20 වැනි දා
- 2017-03-13 13:40:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය එක්ව ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමෙි ජාතික වැඩසටහන 2017 මාර්තු 20 දින රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර ඇත. ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
පෙරපාසල් හා පාසල් දරුවන්ගේ මුඛ සනීපාරක්ෂාව වර්ධනය කිරීම, දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ විශේෂ අවධානම් කණ්ඩායම් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්කොළ භාවිතය වැළැක්වීම ප්‍රධාන අරමුණ වී ඇත.
මෙහි යෝජිත ඉළක්කගත කණ්ඩායම් ලෙස පෙර පාසල් හා පාසල් දරුවන්, පාසල් හැරයන්නන්, තරුණ තරුණියන් සහ දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය සඳහා වැඩි අවධානමක් ඇති විශේෂ කණ්ඩායම්, තේ සහ රබර් වතු සේවකයින්, මැණික් පතල් සේවකයින්, බස් සහ ත්‍රීරෝද රථ රියදුරන් ලෙස පෙන්වා දී ඇත.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments