Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක සියදිවි හානිකරගැනීම වැළැක්වීමේ දිනය අදට (10දා) යෙදී තිබේ.

සියදිවි හානිකර ගැනීම මේ වනවිට විශාල ගැටලුවක් වී තිබෙන නිසා මෙම තත්ත්වයෙන් ජනතාව මුදවාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පදනම් ආයතනය සඳහන් කරයි. සියදිවි හානි වැළැක්වීමේ අවබෝධතා වැඩසටහන^ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා පැවැත්වේ.

මීට සමගාමීව චිත්‍ර ප්‍රදර්ශනයක්, විදී නාට්‍යයක් සහ චිත්‍රපට ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පදනම් ආයතනය සඳහන් කරයි. මෙම වැඩසටහන අතරතුරදී ජීවිතය ඔබේය ග්‍රන්ථය එළිදැක්වීමද, මීට සමගාමීව පැවැත් වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ හා සම්මාන ප්‍රදානයද සිදු කරන අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු විද්වතුන් සහභාගි වන බවද ශ්‍රී ලංකා පදනම් ආයතනය සඳහන් කරයි.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.