Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27ක් 28ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේ ද සිදුව ඇති පරිසර හානිය හේතුවෙන් මතුව ඇති දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් සමග මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ට ජීවත්වීම පිළිබඳ අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන  යටතේ ඉදි වූ ජීවවායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (27) විවෘත කරමිනි.

පාසල තුළ ලබන විෂය කරුණුවලට අදාළ අධ්‍යාපනය සේම ඉන් බාහිරව ලබන දැනුම සහ අවබෝධය තම දෛනික ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම මෙහිදී දරුවන්ට පහදා දුන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ශක්තිමත් ජාතියක් ලෙස නැඟීසිටීමට නම් ආත්මාභිමානයෙන්, අධිෂ්ඨානයෙන් සහ ස්වශක්තියෙන් කටයුතු කිරීමට දරුවන් කුඩා කාලයේ සිට පුරුදු පුහුණු විය යුතු බවයි.

බලශක්තියේ වැදගත්කම අද සියලුදෙනා මැනවින් හඳුනාගෙන තිබෙන අතර පොලොන්නරුව සිය නිවස මෙන්ම කොළඹ ජනාධිපති නිල නිවස ද අද සූර්ය බලශක්තියට පරිවර්තනය කර ජාතික විදුලි බල පද්ධතියට ද විදුලිය ලබාදෙන බව පැවසූ ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය සඳහා දායක විය හැකි සියලු දරුවන් සිය නිවෙස් ඒ සඳහා සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික නිදහස ළඟා කර ගැනීම දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරින්ට පමණක් පැවරෙන වගකීමක් නොව පාසල් දරුවාගේ සිට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා දායකවිය හැකි බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

හරිත උදාන වැඩසටහන සඳහා දායකවුවන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මාලදිවයින්, ජර්මානු තානාපති ඉයෝන් රෝඞ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා, ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

16174460_10154791095281327_2245083784950037679_n 16195054_10154791097111327_3001156700555455177_n 16195324_10154791097006327_5679531378642456667_n16386934_10154791095391327_4186823159088175184_n 16386943_10154791095406327_262341541063870771_n 16387132_10154791096116327_1644570707838198431_n 16387322_10154791096561327_4283616972410009445_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.