වන සම්පත සුරැකීමට රජය අවධානය යොමුකරනවා
- 2017-10-24 15:03:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරන බවත් ඒ සඳහා ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ප‍්‍රමාදයකින් තොරව ගැනිමට කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරන බව ඔහු පවසයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය.
අද (24) පෙරවරුවේ ආරම්භ වූ මෙම සැසිවාරය “Forestry in a New Landscape” යන තේමාව යටතේ පැවැත්වෙයි. ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණු අතර එය 27 වනදා දක්වා පැවැත්වේ.
වනාන්තර කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, කලාපීය වනාන්තර සහ භූ දර්ශනය ප‍්‍රතිස්ථාපනය කිරීමේ ක‍්‍රමෝපායන් අනුමත කර ගැනීම, නාගරික භූ දර්ශනය තුළ ශාකවල පැවැත්ම, ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සඳහා වනාන්තරවල දායකත්වය, ප‍්‍රජා වන කළමනාකරණ නව ප‍්‍රවේශය, 2020 වසරේදී වන සම්පත තක්සේරුව වැනි මාතෘකා මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.
ආසියා ශාන්තිකර වනාන්තර පිළිබඳ කොමිසමෙහි සාමාජික රටවල් 34 ක නියෝජිතයින් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනවල නියෝජිතයින් 300 ක පමණ පිරිසක් මෙම සැසියට එක්ව සිටී.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments