Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කඩිනමින් ස්ථාපිත කිරිම පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

වයඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කුලියාපිටිය ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරිමට නියමිතය. ඒ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 29 කි. කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරන අතර, එහි මහාචාර්ය ඒකකයක් ද ඉදිකිරිමට නියමිතය. තව ද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්. වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්, බාහිර රෝගී සායන ඒකකයක්, සේවා ගොඩනැගිල්ලක් මූලික අදියර යටතේ ඉදිකරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 15 කි. ඉදිකිරිම් කටයුතු ලබන ජුනි මාසය වන විට ආරම්භ කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කළුතර ප්‍රදේශයේ අක්කර 15 ක භූමිභාගයක ඉදිකිරීමට නියමිතය. ඒ සදහා කළුතර මහ රෝහල සහ පානදුර මුලික රෝහල සංවර්ධනය කරන අතර, කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට ආරම්භ කර ඇත. පානදුර මුලික රෝහල යූරෝ මිලියන 22000 ක් වැය කරමින් සංවර්ධනය කරන අතර, වෛද්‍ය පීඨය ඉදිකිරිම සදහා වූ මුල්ගල් තැබීම මෙම වසර අවසානය වන විට සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් වෛද්‍ය සේවා සුනිල් ද අල්විස්, වයඹ සහ මොරටුව විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු, මහාචාර්යවරු එක්ව සිටියහ.(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.