Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික පාසල්වල උසස්පෙළ හදාරණ සිසුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමෙන් පසුව එම ව්‍යාපෘතිය වයිෆයි පහසුකම් ඇති පළාත් පාසල්ටලට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 250ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහි ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා  පීඨයේදී පැවැතියේය.

“පසුගිය වසරේ අපි සුහුරු පන්ති කාමර වැඩසටහන ආරම්භ කළා. කුරුණෑගල සුහුරු මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කළා. මේ වන විට රටේ පාසල් 600ක පමණ සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක වෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම මත පේරාදෙණියේ ජාතික පාසලක් ආරම්භ කරනවා.

කළුලෑල්ල, සුදු ලෑල්ල නොමැති සුහුරු ලෑල්ල පමණක් ඇති පන්ති කාමර අද අපි ආරම්භ කළා. එම පන්ති කාමර තුල ගල්ලෑල්ල, පුස්කොළ පොත, තීන්ත පෑන, බෝල්පොයින්ට් පෑන ආදී කිසිවක් නොමැතිව 21 වන සියවසට ගැලපෙන නවීන තාක්ෂණය මුසු වූ පන්ති කාමරයක් තුළට අද අපි ඇතුළු වෙනවා.

උසස් පෙළ විෂයන් හදාරන සිසු දරු දැරියන්ට ටැබ් පරිගණක ලබාදීමට මේ වසරේ අපි කටයුතු කරනවා. මේ වැඩසටහන යටතේ පොහොසත් දුප්පත් බේදයකින් තොරව සියලුම දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය ටැබ් පරිගණක යන්ත්‍රයක් හිමිවෙනවා.

පළමුවෙන් මෙය ජාතික පාසල් තුළ ක්‍රියාත්මක කරන අතර දෙවනුව වයි-ෆයි පහසුකම් තිබෙන පළාත් පාසල්වල ටැබ් පරිගණක ලබාදීම ක්‍රියාත්මක කරනවා. ඒ අතරතුර වයි ෆයි නොමැති පාසල්වලට එම තාක්ෂණය ලබාදීමෙන් පසුව උසස් පෙළ අංශයන් වෙත ටැබ් පරිගණක ලබාදෙනවා. මේ ආකාරයට රටේ සියලුම පාසල් ආවරණය කරමින් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.”

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.