වසරේ පළමු චන්ද්‍රග්‍රහණය හෙට
- 2020-01-09 15:07:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීමත් සමඟ මෙය සිදු වේ.
මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජනවාරි 10 රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙයි.
උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට වන අතර චන්ද්‍රග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම 2.42 ට ය.
ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුළින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන බව ද චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි. නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු නොවන බවත් එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හඳුනා ගැනීම තරමක් දුෂ්කර බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වේ.
මෙම වසරේ ග්‍රහණ හයක් ඇති අතර ඒ සූර්යග්‍රහණ 4 ක්, වළයාකාර සූර්යග්‍රහණ 01 ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 01 ක් වශයෙනි.
එකී ග්‍රහණ 6න්, 2020 ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකාවාසීන් හට පැහැදිළිව දැක බලා ගත හැකි අතර ලංකාවට අර්ධ සුර්යග්‍රහණය දිස්වනුයේ ජුනි 21 පෙරවරු 10.29 සිට ප.ව 1.19 දක්වා බව මහාචාර්ය ජයරත්න මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
	
Reply To:
Name - Reply Comment
0 Comments