Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. නව ශ්‍රී ලංකා සිතියම 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වේ.  එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. 

ශ්‍රී ලංකාවේ සිතියම මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවය.  මේ කාලය තුළ ශ්‍රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබේ.  නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද ඇතුළත් වේ.  ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් සිදු වී ඇති බව නව සිතියම් වලින් පෙනී යන බව ද මිණුම්පති උදයකාන්ත මහතා කීය.

නව ශ්‍රී ලංකා සිතියම චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු නව සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද ඇතුලත් කරන බවත් මිණුම්පති වරයා තවදුරටත් කීය.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.