වසර 75කට පසුව සගයන් ගොඩගනී
- 2018-04-02 14:33:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ නෞකාවක් වන %සගයන්^ නෞකාව වසර 75කට පසු නැවත ගොඩගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.
මීටර් 138ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැනුණු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24වැනිදාප්‍රථම වරට දියත් කොට ඇත. එම නෞකාව 1942 වර්ෂයේ අප්‍රේල් මස 09වැනිදා ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබියදී ජපාන ගුවන් යානා මගින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන්ට ලක්වගිනිබත් වී ඇත.
එමගින් නෞකාවට ඇතිවූ හානිය හේතුවෙන් එය අත්හැර අමා ඇති අතර, 1943 වර්ෂයේ අගෝස්තු මස 24වැනිදා මෙම නෞකාව අනෙකුත් යාත්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිත කිරීමට හැකි වන සේ ගිල්වා දැමීමට කටයුතු කොට ඇතග
ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව පැනනැගීම හේතුවෙන් අඩි 35ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩගැනීමේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි.
එම කටයුතු නැගෙනහිර නාවික විධාන කිමිදුම් ඒකකය විසින් 2017 සැප්තැම්බර් මස 11වැනිදා ආරම්භ කරන ලදී.
පළමුව නෞකාවේ පළුදු වී තිබූ ස්ථාන පිළිසකර කර දිරාපත්ව තිබූ නෞකා සැකිල්ල ශක්තිමත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, තවද ගිලී තිබූ නෞකාවේ පිරී පැවැති මුහුදු ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව තාවකාලික ජැටියක්ද ඉදිකිරීමට කටයුතු කරන ලදී.
මාස 05ක් පුරා සිදු කරන ලද මෙහෙයුම්වලින් අනතුරුව පසුගිය මාර්තු මස 22 වැනිදා ගිලී තිබූ සගයින් නෞකාව ක්‍රම ක්‍රමයෙන් ජලය මතුපිටට ගනු ලැබීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments