වස විසෙන් තොර ආහාර රටාවක් උදෙසා මග කියන Sri Lankan Food Festival
- 2016-10-16 03:28:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෘෂිකර්ම අමාත්‍යාංයේ දීප ව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන “Sri Lankan Food Festival” ආහාර ප්‍රදර්ශනය සහ ගොවි නිපැයුම් වෙළඳපොළ ප්‍රදර්ශනය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සහ ග්‍රීන් පාත් හිදී අවසන් විය. වස විසෙන් තොර ආහාර හා ඒ අශ්‍රිත සියලු නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා තිබිණි. සියලු වස විසෙන් තොර නිෂ්පාදන පාරිභොගිකයන් වෙත ඉක්මනින් සැපයීමට හා පහසුවෙන් ලබා ගැනීමට අවැසි කටයුතු මින් ඉදිරියට සැලසුම් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අහාර ප්‍රවර්ධන මණ්ඩලය කියයි. මින් ඉදිරියටත් මෙවැනි දැන්වත් කිරීම් අකණ්ඩව පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බව ඔවුන් කීය.
ප්‍රදර්ශනයේ දී දේශීය ආහාර ප්‍රදර්ශන, සුපිරි හෝටල්, ආහාර පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණ, අධ්‍යාපනික වැඩසටහන්, විනෝද කලාප, සංගීත සංදර්ශන ඇතුළු විශේෂ අවස්ථා රැසකට සහභාගීවීමට අවස්ථාව සලසා තිබිණ. වස විසෙන් තොර ආහාර භාවිතය පිළිබඳ ජනතාවගේ උනන්දු කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර දේශිය සහල් සහ එවැනි නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් තිබෙනු දක්නට හැකි විය. එක්ව සිතමු යන තේමාවෙන් ප්‍රදර්ශනය පැවැත්විණ.දේශීය සහල් වර්ග රැසක්ම අලෙවි වූ බවත් පහසුවෙන් මේවා ලබා ගැනීමට අවකාස සලසන ලෙස තමන්ගෙන් ඉල්ලීම් කළ බව අලෙවි කරුවන් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments