වායු දූෂණය දරුවන්ට මාරකයක් - එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල
- 2016-11-02 00:05:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වායු දූෂණය සම්බන්ධව කඩිනම් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි. වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ නිසා අවුරුදු පහට අඩු දරුවන් 600,000 පමණ වාර්ෂිකව මියයන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙති. මෙය දිළිඳු රටවල වායු දූෂණය වැඩියෙන් පවතින බවත් ඔවුන් පෙන්වා දෙති. කුඩා දරුවන්ගේ වර්ධනය වන පෙනහළු සහ මොළයේ ශෛල දූෂණය වූ වාතය මගින් සිදු වන බවත් මේ නිසා දරුවන් ජීවිත කාලයේ දී විවිධ සෞඛ බලපෑම් ඇතිවන පවත් ඔවුන් පෙන්වා දෙති.
බලශක්ති අවශතාවන්ට සිදුකරන ඉන්ධන දහනය අවම කිරීම. නිව්මෝනියා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට පුමුඛත්වයක් ලබාදීම. කර්මාන්තශාලා පාසල් පිහිටි ස්ථානවලින් ඈතට ගෙනයෑම සහ වෙනත් වායු දූෂක ස්ථාන වලින් ද පාසල් ඉවතට ගෙනයෑම සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ වාර්තාවේ දැක්වේ. නිවසේ උඳුන් වලින් පිටවන දුම පිරිසිදු කිරීම සඳහා ක්‍රියාමාර්ග ද අනුගමනය කළ යුතුබව පෙන්වා දෙන සංවිධානය වායු දූෂණ ගණනය කිරීම නිරන්තරව සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙති. නොවැම්බර් මාසයේ දී මොරොක්කෝවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සමුළුවේදී මෙම සම්පූර්ණ වාර්තාව එළි දැක්වීමට යුනිසෙෆ් සංවිධානය සැරසේ.
Reply To:
Name - Reply Comment
0 Comments