Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමයින් ළමා නිවාස ගත නොකොට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව තිබෙන බවත් ළමා නිවාස සංකල්පය, යටත් විජිත සමය තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නද එය වර්තමානය වන විට බ්‍රිතාන්‍යයේ වත් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. 

නව සංකල්පය යටතේ සිදු වන්නේ ළමා නිවාසවලින් බැහැරව විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැකබලාගැනීමේ ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමයි. ළමා නිවාස ගතව සිටින දරුවන්ට පවුලක් තුළ ජීවත්වීමට අවස්ථාව ලබාදීම මෙහිදී සිදු කෙරේ. මෙම සියලු කටයුතු වගකිව යුතු රජයේ නිලධාරීන් විසින් නියාමනය කරනු ලැබේ. 

මේ පිළිබඳ විශේෂ ජාත්‍යන්තර සමුළුවක් පසුගිය දා මොල්ටා රාජ්‍යයේදී පවත්වන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා සහභාගී වී ඇත. 

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෝල්ටා රාජ්‍යයේ ජනාධිපතිවරිය සහභාගිව ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා ළමුන් නිවාස ගත කිරීම කෙරෙහි දුප්පත්කම, සංක්‍රාණ්තික බව, විකල්ප රැකවරණයක් නොමැති බව, සමාජ ආරක්ෂාවක් නොමැති බව යන කාරණා බලපාන බවයි. ළමයින්ට සියළුම මානව අයිතිවාසිකම් හිමිවියුතු බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මෙම සමුළුවට සහභාගී වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය නව ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බවත් මෙම ව්‍යාපෘතිය සඳහා උපදෙස් ලබාදීම ආසියානු විකල්ප ළමා රැකවරණ විශේෂඥ ඉන්දීය ජාතික ඉයන් ආනන්ද් පෝබර් මහතා විසින් සිදුකරනු ලබන බවත් ප්‍රකාශ කොට ඇත.

(රජයේ නිල පුවත්සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.