විජය උදාන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව ආරම්භ වෙයි
- 2017-03-02 16:57:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව “විජය උදාන අධ්‍යාපනික” සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කෙරිනි.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශකත්වයෙන් “සත්ජන” ලංකා පදනමේ සංවිධායකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළමු භෞතික විද්‍යා සම්මන්ත්‍රණය කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩි රෝසා මහතා විසින් පෙබරවාරි 27 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී පැවැත්වීය.
ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක දරුවන් 1500 ක් පමණ සහභාගි වී තිබේ. එහි දෙවන සම්මන්ත්‍රණය ඊයේ (01දා) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩි රෝසා මහතා විසින්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වීය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඒ සඳහා එක්වූහ.
එම සම්මන්ත්‍රණ මාලාවේ භෞතික විද්‍යා තෙවන සම්මන්ත්‍රණය මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේදී මාර්තු අටවැනිදා පෙරවරු 08.00ට පැවැත්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments