විජලනය කළ පළතුරු වෙළඳපොළට යැවීමට සූදානමක්
- 2018-06-13 14:59:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විජලනය කළ පලතුරුවෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු යොදා තිබේ.
බෝනොවන රෝගවලට ප්‍රධානතම හේතුවක් වන අහිතකර ආහාර රටාව හා ජනතාවගේ සීනි පරිභෝජනය අවම කිරීම මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය හරහා වියළන ලද පලතුරු ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීම ප්‍රධානතම ඉලක්කය වේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලදපසු මූලික වශයෙන් නියාමන ව්‍යාපෘතියක් ලෙස නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, අමාත්‍යාංශයේ උපදෙස් මත තෝරා ගත් පවුල් හරහා ස්වයං රැකියා ලෙස එම කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments