Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

  නොවැම්බර් 10 දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සැමරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය නොවැම්බර් 10 -17 දක්වා කාලය තුළ විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික විද්‍යා සතියේ සමාරම්භය සනිටුහන් කරමින්, “ගෝලීය අවබෝධය සඳහා විද්‍යාව”තේමාව යටතේ ලෝක විද්‍යා දින සැමරුම් ප්‍රධාන උළෙල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.

විද්‍යා දින සැමරුම් ප්‍රධාන උළෙල, පාසල් අධ්‍යාපනය තුළ විද්‍යාව හා තාක්ෂණය පුළුල් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සිසුන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයක් විය. මේ සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1200ක පිරිසක් සහභාගී වී සිටියහ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සුවිශේෂී වැඩසටහනක් ලෙස පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ STEM අධ්‍යාපනය නගා සිටුවමින් ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබේ. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර සමඟ සෘජුවම බැඳී පවතින විද්‍යාව, තාක්ෂණවේදය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රයන් සුවිශේෂී ලෙස වෙන්කර ගෙන එම විෂයන් හැදෑරීම සඳහා වැඩි පාසල් සිසුන් ප්‍රමාණයක් යොමු කරවීම එම වැඩසටහනේ අරමුණවී තිබේ.

එම අරමුණ ජයගැනීම සඳහා පාසල් සිසුන් තුළ මෙම විෂයන් කෙරෙහි උනන්දුවක් සහ උද්යෝගයක් ඇතිකිරිම ඉලක්ක කර ගනිමින් මෙවර ලෝක විද්‍යා දිනය සැමරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ජාතික විද්‍යා සතිය තුළ ක්‍රියාත්මක වැඩසටහන් අතර විශේෂිත වූ ජාතික  විද්‍යා පාගමන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න පන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 11 දින පෙරවරුවේ පැවැත්විණි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.