විදුලි වාහන ආරෝපණයට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක්
- 2016-10-25 09:33:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක්‍රමයක් සහ ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් හඳුන්වාදීම කැලණිතිස්ස විදුලිබලාගාර පරිශ්‍ර‘යේදී පසුගියදා සිදු කෙරිණි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිමෙම ව්‍යාපෘතිය තුළින් කාර්යබහුල සහ කාර්යබහුල නොවන අවස්ථා දෙකෙහිදීම අපහසුතාවකින් තොරව අවම මිලක් යටතේ වාහන ආරෝපණය කරගැනීමට විදුලි වාහන හිමිකරුවන්ට හැකියාව ලැබෙනු ඇත.
ඉලෙක්ට්‍රොනික් කාඩ්පත හඳුන්වා දෙමින් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ, විදුලි වාහන හිමිකරුවන් වෙත වඩාත් පහසු හා සරල භාවිත ක්‍රම හඳුන්වාදීම තුළ විදුලි වාහන භාවිතය වෙත ජනතාව යොමු කරවීම වඩාත් පහසු වන බවයි.
එය බලශක්ති සංරක්ෂණය, ඉන්ධන සඳහා වැය වන ආනයන වියදම් අවම කිරීම මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහාද වඩාත් උචිත ක්‍රියාදාමයක් වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ ආරෝපණ මධ්‍යස්ථාන මගින් අධිවේගී ආරෝපණය යටතේ විදුලි වාහන ආරෝපණය කරගත හැකි නමුත් හැකි සෑම අවස්ථාවකම නිවසේ හෝ කාර්යාලයේදී සාමාන්‍ය ආරෝපණ ක්‍රම‘වේදය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වන බවයි.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි වාහන ආරෝපණය සඳහා ඉදිරිපත් කරන ලද නව ක්‍රමය පහත දක්වා ඇත.
කාණ්ඩය යොදාගනු ලබන කාලය යෝජිත අයක්‍රමය (රු/කි.වො)
අධිවේගී ආරෝපණය සාමාන්‍ය (පෙ.ව 5.30 - ප.ව 6.30) 50
කාර්යබහුල (ප.ව 5.30 - ප.ව 10.30) 70
කාර්යබහුල නොවන (ප.ව 10.30 - පෙ.ව 5.30) 30
සාමාන්‍ය ආරෝපණය සාමාන්‍ය (පෙ.ව 5.30 - ප.ව 6.30) 30
කාර්යබහුල (ප.ව 5.30 - ප.ව 10.30) 55
කාර්යබහුල නොවන (ප.ව 10.30 - පෙ.ව 5.30) 20
Reply To:
Name - Reply Comment
0 Comments