Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2015 වසරේ පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගත් විදුහල්පතිවරුන් අතරින් ඉහළ ම ලකුණු ලබාගත් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සතියක විදේශ පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

රටක අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා පාසල් පද්ධති‍ය ගුණාත්මක ව සංවර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙවැනි පුහුණු වැඩසටහන් මගින් ලබාගන්නා දැනුම හා අත්දැකීම් මගින් විදුහල්පතිවරුන්ට තම වෘත්තීය කටයුතු සංවර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා විදුහල්පතිවරුන් වෙනුවෙන් ගුවන්ටිකට් පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන දක්ෂ විදුහල්පතිවරුන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති අතර දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා විදුහල්පතිවරුන් වෙනුවෙන් ලබා දීම ද ඒ අනුව සිදු කෙරේ.  

මෙම වැඩපිළිවෙළ යටතේ නවක විදුහල්පතිවරුන් 196 දෙනෙකු විදේශ පුහුණු වැඩසටහන් සඳහා යොමු කර තිබේ. මීට අමතරව නොවැම්බර් 15දා තවත් 30 දෙනෙකුගෙන් සමන්විත නවක විදුහල්පතිවරුන් කණ්ඩායමක් ද විදේශ පුහුණුව සඳහා පිටත්ව යාමට නියමිතය.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක හේවගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක් ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.